Wisithuru Mal
Wisithuru Mal
Yuki Navaratne
Released on 2023
Lyrics
විසිතුරු මල් ගොමුවක පා තියලා හෙමි හෙමිහිට ගියෙ කවුරුද සිතුනා සුදු මුදු ලොම් තුහිනෙක රැඳි තිබුනා කවුරුද කවුරුද පොඩි අඩි තියලා නුඹ ලං වෙද්දි මගේ හිත ගැස්සුණානේ අඩි සද්දෙ මට ඇහෙද්දි මං හැංගුණානේ මට හිතුනෙම නුඹ පණ ගන්න ආවේ ඒ හින්දා හදිසියෙන් මම යන්න යද්දි ඔව් නුඹ දැක මගෙ හිත නතර උනේ දියවෙන තරමට හාද උනේ මගෙ හිත මගෙ හිත ආදරයෙන් මන්දාරම් විලේ මන්දාරම් විලේ මන්දාරම් විලේ අපි යමු නොරැඳී කෙම් බිම ලඟැතී මං නුඹ ගාවදී බියවෙන්නෑ සැනෙකින් අර පේන නදියෙන් එගොඩ උනොතින් මං ආව ගමනේ අවසානය ඉතින් මේ හැන්දෑවේ අවසානයද මේ හැමදාමත් මේහේ නවතින්නයි හිතේ විසිතුරු මල් ගොමුවක පා තියලා හෙමි හෙමිහිට ගියෙ කවුරුද සිතුනා සුදු මුදු ලොම් තුහිනෙක රැඳි තිබුනා කවුරුද කවුරුද පොඩි අඩි තියලා
MUSIC/WISITHURU-MAL