Pini Bindu
Pini Bindu
Yuki Navaratne
Released on 2024
Lyrics
පිණිබිඳු එක එක දෝරේ ගලනවා බත්කූරෝ අද නුඹ හිරවෙනවා පිණිබිඳු එක එක දෝරේ ගලනවා බත්කූරෝ අද නුඹ හිරවෙනවා පොඩි පොඩි මෙරුවෝ එළියට එනවා මහ වැස්සක අවසානේ…….. දොරකඩ පඳුරු පැලේ කවුදෝ ඉකිබිඳිනවදෝ පළගැටියෝ නුඹ දෝ ඉන්නේ මගෙ තනියට නුඹ ඉන්නවනේ දොරකඩ පදුරු පැලේ…….. එළිපාපිස්සේ වැලිකැට පිරිලා මැටිපඩියේ අග කඩතොළු වීලා එළිපාපිස්සේ වැලිකැට පිරිලා මැටිපඩියේ අග කඩතොළු වීලා තණබිස්සේ මහ කොළරොඩු වැටිලා වියු පොල්අතු වහලේ දැන් වියැළීලා දොරකඩ පඳුරු පැලේ කවුදෝ ඉකිබිඳිනවදෝ පළගැටියෝ නුඹදෝ ඉන්නේ මගෙ තනියට නුඹ ඉන්නවනේ දොරකඩ පඳුරු පැලේ……..
MUSIC/PINI-BINDU